29 C
Colombo
Saturday, July 27, 2024

මේ අපි ගෙනාපු ආණ්ඩුව – මගේ අයියව නිදහස් කරන්න!

- Advertisement -

වසර 4කට සිරගත කළ ජනප්‍රිය රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලමින් කලාකරුවන් ඊයේ (27) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

රන්ජන් රාමනායක යනු අවංක සහ නිහතමානී කලාකරුවෙකු බවත් ඔහු රැකගත යුතු සම්පතක් බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී. පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා පවසා සිටියේ වචන කිහිපයක් හේතුවෙන් රන්ජන් රාමනායකට වසර 4කට සිරගත වීමට සිදුවීම ගැන ඉතාමත් කණගාටු වන බවයි,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදයකාන්ත වර්ණසූරිය මහතා,

“මට රෑට නිදා ගන්න කොට මගේ ඇදේ මට හිතෙනවා රන්ජන් මේ වෙලාවේ කොහොමද නිදාගන්නවා ඇත්තේ කියලා හරිම දුකක් දැනෙනවා සුන්දර හදවතක් තිබුණ මනුස්සයෙක් නීතිය සම්බන්ධව වචන පේලියක් නිසා අපි නොහිතපු විදිහට අවුරුදු 4ක් සිරගතට ‍වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හරිම කණගාටුදායක තත්ත්වයක් ගොඩක් දේවල් කරන්න බෑ කරන්න පුළුවන් එකමදේ ජනාධිපතිතුමාගනේ ඒ වෙනුවෙන් ජනාධිපති සමාවක් ලබා ගැනීමට ආයාචනයක් කිරීම පමණයි”

මෙහිදී අදහස් දැක්වූ රංගන ශිල්පි අර්ජුන් කමලනාත් මහතා,

“මේ ආණ්ඩුව අපි ගෙනාපු ආණ්ඩුව. මම, අනූෂා සල්ලි අරගෙන නෙමෙයි දේශපාලනය කළේ, මේ ආණ්ඩුවට අතින් වියදම් කරගෙන රට වෙනුවෙන්. ඒ නිසා අපිට අයිතියක් යුතුකමක් තියෙනවා මේ වෙලාවේ අපේ කලාකරුවෙක් වෙනුවෙන් අපිටත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න. එකම ඉල්ලීමයි කරන්නේ මම, මට මගේ අයියව නිදහස් කරලා දෙන්න.”

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...