29 C
Colombo
Saturday, July 27, 2024

ලාංකික පිරිසකට ඉන්දියාවෙන් සහන

- Advertisement -

තමිල්නාඩු ප්‍රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් වන වාර්තාවක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින් මහාතා වෙත භාරදී තිබෙනවා.

තමිල්නාඩු රජය විසින් පිහිටුවන ලද මණ්ඩලයක් මගින් එම අතුරු වාර්තාව 29 වනදා ප්‍රධාන අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම අතුරු වාර්තාව මගින් තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේද මෙන්ම ඒ සම්බන්ධයෙන් වන යම්යම් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහිදී තමිල්නාඩුවේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නවලට සහ පුරවැසිභාවය සඳහා වන නීතිමය කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පසුගිය වසර දෙක තුළ කඳවුරුවලින් එක්රැස්කරගත් දත්ත අධ්‍යයනය කිරීමෙන් සහ මේ සම්බන්ධයෙන් වන අනෙකුත් තොරතුරු තක්සේරු කිරීමෙන් අනතුරුව අදාළ වාර්තාව ඉදිරිපත් කළ බව එම කමිටුව ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව පුරවැසිභාවය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, තමිල්නාඩුවේ ඉන්දියානු ජන ජීවිතයට ඔවුන් ඒකාබද්ධ කිරීම සඳහා ගතයුතු පියවර මෙන්ම නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...