29 C
Colombo
Saturday, July 27, 2024

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

- Advertisement -

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම කැලැන්ඩර් අවුරුද්දට අලුත් වීම සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුන්ට ලැබී ඇති අවස්ථාවන් හීදී අලුත් වන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින්.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමූහිකත්වය කේන්ද්‍ර කොටගෙන වන බවත් ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මෙම කරුණු පදනම් කරගෙන බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වාදෙනවා.

අලුත් අවුරුද්දේ රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යාමට අවශ්‍ය මුලීක සාධකයන් වනුයේ ද සමාජ සබඳතාවය සහ සාමූහිකත්වය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් දැනුම්දුන්නා.

මේ අතර නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේදූ දරුවන් සතු වන අතර එම අසිරිය මතු පරපුර උදෙසා රැකදීම අප සැමගේ යුතුකම බවයි.

ආහාර හා ආර්ථික අර්බුදයකට මුහුණ දී රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව සිදුකළ මෙහෙය අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතු බව​ත් සිය අලුත් අවුරුදු පණිවුඩය මගින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...