වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
එම මිල අඩුකිරීම හෙට (16) සිට ක්‍රියාත්මකයි.
එක් එක් සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන ආකාරය පහතින් දැක්වේ.
සහල් වර්ගය පැවති මිල (Rs) නව මිල (Rs)
සුදු සහ රතු කැකුළු 210 205
සුදු සහ රතු නාඩු 220 215
සම්බා 230 225
කීරි සම්බා 250 245