29 C
Colombo
Saturday, July 27, 2024

රිච්මන්ඩ් කාසල් චූදිතයාටම තෑගි දීමේ සූදානමක්..

- Advertisement -

මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් රිච්මන්ඩ් කාසල් මන්දිරයේ සිදු වී යැයි කියන වංචා දූෂණවලට චෝදනා ලැබ ඉවත් කළ එහි හිටපු භාරකරු නැවතත් පත්කිරීමට අලුතින් පත් වූ මහා භාරකරු කටයුතු කරමින් සිටින බව ‘නිව්ස් 19’ට වාර්තා වේ. 

නව මහා භාරකරු හැටියට පත් වූ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා මෙම පත්වීම කිරීමට කටයුතු කරමින් සිටින්නේ අදාළ පුද්ගලයාට එරෙහිව සිදුකළ විමර්ශන නොතකා යැයි දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්දිරයේ ස්ථාපිත කර තිබූ අකුණු සන්නායකයක පාද තැටිය (ප්ලේට්) 2014 වසරේදී අතුරුදහන් වීම මූලික කරගෙන 2015 දී අදාළ විමර්ශනය කර තිබුණේ හිටපු මහාභාරකාරවරියක වූ තරංගනී කීනවැන්න මහත්මියගේ නියෝගයෙනි.

මූලික විමර්ෂණයක් කිරීම සඳහා හිටපු මහාභාරකාරවරිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරවරයාගේ මූලිකත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ ද එහි අවසන් වාර්තාව ගැන සඳහනක් නොවීය.

සිදුවීම වන විට එහි භාරකරු හැටියට ක්‍රියා කළ එම්.ආරියදාස නමැත්තා අකුණු සන්නායක පාද තැටිය අතුරු බවට පොලිස් පැමිණිල්ලක් කර තිබුණේ ඒ ගැන ජනමාධ්‍යයෙන් ද වාර්තා කළ පසුය.

සන්නායක සිදුවීම ගැන එවකට කළුතර දකුණ පොලිසියෙන් විමර්ශනයක් ආරම්භ කළ ද රිච්මන්ඩ් කාසල් අසල්වැසියන් පවසන ආකාරයට මන්දිරයේ භාරකරු හැටියට ක්‍රියා කළ එම්.ආරියදාස හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අතර ඇති සමීප සම්බන්ධය නිසා එය අතරමග නතර වී ඇත.

එසේම අදාළ සන්නායකය රිච්මන්ඩ් කාසල් භාණ්ඩ ලේඛනයට ඇතුලත් කර තිබෙන්නේ ද 2016 වසරේදීය. 

මේ සිදුවීම සම්බන්ධයෙන් මන්දිරය රජයට භාර කළ එන්. ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහමුදලිවරයාගේ ඥාතියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කර තිබිණි.

යටත්විජිත සමයේ එන්. ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහමුදලි විසින් ඉදිකරන ලද මේ සුවිසල් මැදුර දෙස් විදෙස් ගෘහ නිර්මාණ ශිල්පය මුසු කළ අපූර්ව කලාත්මක නිර්මාණයකි. 

දෙපාර්තමේන්තු දත්තවලට අනුව අක්කර 42 ක් විශාල වූ රිච්මන්ඩ් පාක් නම් වත්ත සහිත රිච්මන්ඩ් කාසල් නම් වූ මන්දිරයද, අක්කර 80 ක් විශාල වූ ඉරහදයාව වත්තද, එන්.ඩී.ඒ. සිල්වා විජේසිංහ මුදලිතුමා අන්තිම කැමති පත්‍රයකින් මහා භාරකරු වෙත පවරා දී තිබේ. 

ඒ, එම දේපළ අර්ථාන්විතව භාවිතයට ගෙන අන්තිම කැමැත්තේ සඳහන් පරිදි මහජන සුබසාධන කටයුතු රජයේ භාරකරුවකු මගින් කිරීමටය. 

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...