29 C
Colombo
Saturday, July 27, 2024

රිමාන්ඩ් රැඳෙවියන්ගේ නඩු ඉක්මන්

- Advertisement -

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 6334 දෙනෙකුගේ නඩු කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති රැඳවියන්ගේ හෙරොයින් ග්‍රෑම් 02ට අඩු සහ ගංජා කිලෝග්‍රෑම් 5ට අඩු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර ඇති රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීමට තීරණය කර තිබේ.

ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සහ බන්ධනාගාර තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද දිනයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය  සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා හමුවීමට නියමිතය.

(මූලාශ්‍රය – අද දෙරණ )

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...