හෙට (08) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් මගින් දන්වා ඇත්තේ පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ කථානායකවරයා විසින් ලබා දුන් නියෝගය අනුව කටයුතු කරමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙසයි.
එමෙන්ම, වේත්‍රධාරිවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හටද පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවට පැමිණීමට අවසරදෙන ලෙසයි .
දැනට රජය විසින් පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනාව කැඳවාගෙන එන ලෙසත් එම ලිපි වල වැඩිදුරටත් දැක්වෙනවා.