27 C
Colombo
Saturday, June 10, 2023

CID භාරයේ සිටි රිෂාඩ් රිමාන්ඩ් කරයි

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රැදවුම් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියෝග කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුලු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 24 වැනිදායි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත ප්‍රකාරව ලබාගත් රැදවුම් නියෝගයකට අනුව මන්ත්‍රීවරයා රඳවා තබාගෙන ප්‍රශ්න කළ අතර දින 111කට පසු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළා.

අනතුරුව අද පස්වරුවේ සැකකාර රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයාව කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදි අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරි ඉන්ෂාෆ් අහමඩ් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව රිෂාඩ් බදියුදින් නැමැති මෙම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඉන්ෂාෆ් අහමඩ් නැමැති ස්වයං ඝාතන බෝම්බකරුට අයත්ව තිබු ක්ලෝස්යස් නැමැති තඹ කර්මාන්ත ශාලාව හරහා තඹ අපනයනය කිරීමෙන් උපයාගත් මුදල් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට උපයෝගි කරගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇති බව එම නිලධාරින් මහේස්ත්‍රාත්වරයාට දැනුම්දුන්නා.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ කොළඹ පිහිටි පුද්ගලික බැංකුව පිහිටි එම සමාගමට අයත් ගිණුමකින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 20ක මුදලක් ප්‍රහාරයෙන් පසු බෝම්බකරුවෙකුගේ බිරිඳක් සන්තකයේ තිබි සොයාගත් බවයි.

මෙහිදි මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ එම විමර්ශනය හා අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකරු අතර කිනම් සම්බන්ධයක් පවතින්නේද යන්නයි.

එයට පිළිතුරුදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැවසුවේ සැකකාර රිෂාඩ් බදියුදින් කර්මාන්ත අමාත්‍යවරයාව සිටි සමයේ ඉහත කී තඹ කර්මාන්ත ශාලාවට නෛතීක රාමුවෙන් බැහැරව විශාල ප්‍රමාණයෙන් තඹ නිකුත් කිරීමක් සිදුව ඇති බවයි.

අමාත්‍යවරයා යටතේ සිටි අතිරේක ලේකම්වරයෙකු වු බාලසුබ්‍රමනියම් නැමැත්තෙකු මෙම නීති විරෝධි තඹ නිකුත් කිරීමට අවසර දී ඇති බවත් ඊට අමාත්‍යවරයාද මැදිහත්වීමක් සිදුකර ඇති බව විමර්ශනවලදි අනාවරණය වුයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දැක්වුවා.

එමෙන්ම ප්‍රශ්නගත තඹ නිකුත් කිරීම සිදුව ඇති කාලවකවානුව තුළ අදාළ අතිරේක ලේකම්වරයා, ස්වයං ඝාතක බෝම්බකරු සහ අමාත්‍යවරයා අතර පැවති දුරකථතන සම්බන්ධතා පිළිබඳ තොරතුරුද විමර්ශන වලදි අනාවරණය වු බව ඔවුන් සඳහන් කළා.

එමෙන්ම එක් අවස්ථාවකදි ක්ලෝස්යස් සමාගමට තඹ ලබාදීමට එවකට ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතා විරෝධය පල කර ඇති බවත් එහිදි ඔහු මුනගැසුණු එවකට අමාත්‍ය රිෂාඩ් බදියුදින් ඇයි අපේ කට්ටියට කරදර කරන්නේ යනුවෙන් විමසු බවට උදය ආර්.සෙනෙවිරත්න මහතා ප්‍රකාශයක් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වුවා.

කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා සැකකාර රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා මෙමස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ මන්ත්‍රීවරයාව රැගෙන එනු ලැබුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙතයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.