25 C
Colombo
Saturday, December 9, 2023

දැදුරු ඔය ආශ්‍රිතව ගං වතුර අවදානමක්

- Advertisement -

ඉදිරි පැය කිහිපයේ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන්.

මේ හේතුවෙන් දැදුරු ඔය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, අධික වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා සඳහන් කළේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් වැලිමඩ – පුහුල්පොළ  මාර්ගය අවහිර වී ඇති බවයි.

තවද, බංගලාහත ප්‍රදේශයෙන් පස් කඳු කඩා වැටීම හේතුවෙන් නුවරඑළිය – නානුඔය මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමාකර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර හාතලේ ප්‍රදේශයෙන් පන්විල කබරගල මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අවදානම් පවුල් 2 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කළ බවයි.  

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...