මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) නිලධාරීන් 600 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇත.
2021 වසරේ ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති අතර එම ස්ථාන මාරුවීම් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් අල්ලස් ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරන බවට ලැබුණු පැමිණිළි සැලකිල්ලට ගනිමින් අදාල ස්ථාන මාරුවීම් ලබාදී ඇත.
විෂය භාර අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.