25 C
Colombo
Saturday, December 9, 2023

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක

- Advertisement -

මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ මහතා සඳහන් කළේ, මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම පියවර ගන්නා බවයි.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර තිබෙන්නේ, වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය මෙතෙක් අධිකාරිය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන්ද ඔවුන් මෙතෙක් දැනුවත් කර නොමැති අතර, යම්හෙයකින් අසනීප නිවාඩු වාර්තා කළහොත් අතිරේක සේවකයින් යොදවා රාජකාරී වැඩ කටයුතු ආවරණය කරන බවයි.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...