29 C
Colombo
Saturday, July 27, 2024

රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවෙන් නිදහස්

- Advertisement -

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 412 කට අධික වටිනාකමින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් ඉපයීමක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසන් සභාව විසින් ගොනු කළ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළා.

විත්තිකරුට එරෙහිව ගොනුකළ අධිචෝදනා ඉවත් කර ගන්නා බව අල්ලස් කොමිසන් සභාව දැනුම් දීමෙන් පසු විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව ගොනු කර ඇති ආකාරය අල්ලස් පනතේ ප්‍රතිපාදනවලට පටහැනි බැවින් එය ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමිසන් සභාව අධිකරණයට දැනුම් දුන්නා.

රුපියල් ලක්ෂ 412කට අධික මුදල් හා දේපල ප්‍රමාණයක් 2004 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ අල්ලස් මගින් අත්පත් කර ගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව කොළඹ මහ අධිකරණයේදී අධිචෝදනා ගොනු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...