28.9 C
Colombo
Thursday, March 27, 2025

රෝහිත කාර් රේස් පදියි

- Advertisement -

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් සහභාගීවන මෝටර් රථ ධාවන තරගයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මොබිටෙල් ආයතනයේ අනුග‍්‍රහය ඇතිව පවත්වන මෙම මෝටර් රථ ධාවන තරගය සූදානම් කර ඇත්තේ ‘ශ‍්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට්ස්’ නැමති ආයතනයයි. අංක 33, ටොරින්ටන් පෙදෙස කොළඹ 7 යන ලිපිනයේ පිහිටි මෙම ආයතනය විසින් නිකුත්කර ඇති ආරාධනා පත්‍රයට අනුව මෙම තරඟාවලිය නම් කර ඇත්තේ ‘එස්.එල්.ටී. මොබිටෙල් ස්පීඩප් කටුකුරුන්ද 2021’ නමිින්.

දෙසැම්බර් 4 සහ 5 යන දින දෙකේදී මෙය පැවැත්වීමට නියමිතව ඇති මෙම තරඟයට රෝහිත රාජපක්ෂ සමග අශාන් සිල්වා, මිස්සක නවීන්, නිෂාන් වාසලතන්ත‍්‍රී, කපිල ජයසුන්දර, කෞෂල්‍ය සමරසිංහ, යසිත් ගමගේ, දිනේෂ් ජයවර්ධන, රංජය දිසානායක යන පිරිස සහභාගී වීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා මෝටර් රථ ක‍්‍රීඩා සමාජයේ හදිසි කමිටු රැුස්වීමක් අනුව මෙම තරගයෙට යම් යම් සංශෝධනද එක් කර ඇති අතර ඒ අනුව ටයර් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද සංශෝධනයක් එක් කර තිබෙන බව ඔවුන් විසින් නිකුත් කළ ලිපි අනුව පැහැදිළි වේ.

RECENT ARTICLES - SINHALA

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව...

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

POPULAR ARTICLES