29 C
Colombo
Thursday, June 1, 2023

ජනමාධ්‍ය නිදහස ගොදුරට ගන්නා බිහිසුණු රාජ්‍ය නායකයන් 37 අතරට මෙරට ජනපතිත් ඇතුළත් කරලා

- Advertisement -

මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින ජ්‍යාත්‍යන්තර එකමුතුවක් වන දේශසීමා රහිත වාර්තාකරුවෝ, පුවත්පත් ඇතුළු මාධ්‍ය නිදහස විශාල වශයෙන් කප්පාදු කරනු ලැබූ රාජ්‍ය නායකයින් 37 දෙනෙකුගේ ඡායාරූපයක් සහිත වාර්තාවක් නිකුත් කර ඇති අතර එයට ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද එක් කර තිබේ.

ඡායාරූපයට ඇතුළු වී සිටින රාජ්‍ය නායකයින් දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ වාර්තාව අර්ථ දක්වා ඇත්තේ මාධ්‍ය භක්ෂකයින් ලෙසයි.

පළමු වරට කාන්තා නායිකාවන් දෙදෙනෙක් ද ඊට ඇතුළත්ව සිටීම විශේෂත්වයක් වන අතර වාර්තාවට නවතම වශයෙන් එක් වූ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු ඇතුළත් ය.

වාර්තාවට ඇතුළත්ව සිටින රාජ්‍ය නායකයින් සියලු දෙනාම වාරණ උපකරණ නිර්මාණය කරමින්, සිරගත කිරීම මඟින් මාධ්‍ය නිදහස පාගා දැමූ රාජ්‍ය නායකයින් හෝ රජයේ ප්‍රධානීන් ය.

ඔවුන් සියලු දෙනා මාධ්‍යවේදීන් ඝාතනයට සෘජුව හෝ වක්‍රව දායකවූවන් බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

එක් එක් ජනාධිපතිවරුන් යටතේ රටවල මාධ්‍ය නිදහස සීමාවී ඇති ආකාරය වෙන වෙනම පෙන්වා දෙන වාර්තාව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ද පරිච්ඡේදයක්ම වෙන් කර තිබේ.

විශ්‍රාමික හමුදා ලුතිනන්-කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දි සුදුවෑන් බලකායක් නිර්මාණය කරමින් මාධ්‍යවේදීන් රැසක් දඩයම් කිරීමට කටයුතු කළ බව වාර්තාව පවසයි.

ඔහුගේ සහෝදරයාවූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 සිට 2015 දක්වා කාලය ඊනියා අඳුරු දශකයක් ලෙස වාර්තාවෙන් හඳුන්වා දී ඇත.

ගෝඨාභය රාජප්ක්ෂ මහතා නැවත ජනපති ධුරයට පත් වීමෙන් පසු ඔහු ආරක්ෂක ඇමතිවරයා ලෙස සහ ඔහුගේ සහෝදරයා අගමැතිවරයා ලෙස පත් කරමින් මාධ්‍යවේදීන් වෙත නැවතත් අඳුරු භීතියට පත් වූ කාලවකවානුවක් නිර්මාණය කර දී ඇතැයි අදාළ වාර්තාව ජනාධිපතිවරයාගේ පරිච්ඡේදයේ සඳහන් කර තිබේ.

එම වාර්තාවේ මෙසේද සදහන් වෙයි.

බොහෝ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දැන් දරුණු උභතෝකෝටිකයකට මුහුණ දී සිටියි. ඔවුන් තම රාජකාරිය කරනවාද නැත්නම් ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමෙන් වැළකී සිටිනවාද?යන්න එම උභතෝකෝටිකයයි. ඝාතනයට ලක්වූ බොහෝ සගයන්ගේ අවතාර සමඟ ඔවුන් ජීවත් විය යුතුය. ඒ අතර ඔහුගේ නියෝග මත සිදු කරන ලද මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය පිළිබඳ අපරාධ සඳහා දඬුවම් නොලැබීම ද අඛණ්ඩව පවතී. දේශසීමා වාර්තාකරුවන්ගේ ගණනය කිරීම් වලට අනුව, ඔහු ආරක්ෂක ඇමතිව සිටියදී අවම වශයෙන් මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය හෝ අතුරුදන් වී ඇත. තවත් 20 දෙනෙකු පමණ වධහිංසා පැමිණවීමෙන් හෝ මරණ තර්ජන ලැබීමෙන් පසු රටින් පලා ගොස් ඇත.

අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙම පසුබිමට එරෙහිව, දෙමළ සුලුතරයේ හෝ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවේ දුක්ඛිත තත්වය වැනි සංවේදී කරුණු පිළිබඳ විමර්ශන වාර්තා කිරීම අතිශයින් භයානක බවයි. එඩිතර අය අන්තරායන් දෙකකට නිරාවරණය වේ. එකක් අධිකරණයයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු රැගෙන පොලිසිය පැමිණීමේ සම්භාවිතාවය ඉහළය. අනෙක භෞතික වශයෙන් ඔවුන් වෙත මරණ තර්ජන එල්ල වීමයි. ඔවුන් පැමිණිල්ලක් ගොනු කිරීමට උත්සාහ කළහොත් ඒවා භාරගැනීම පවා පොලිසිය ප්‍රතික්ෂේප කරන බව වාර්තාව දීර්ඝව පැහැදිලි කර දෙයි.

අවසාන වශයෙන් වාර්තාව පෙන්වා දී ඇත්තේ කෙසේ හෝ භීෂණය නැවත පැමිණ ඇති බවයි.

දේශසීමා රහිත වාර්තාකරුවෝ නිකුත් කළ වාර්තාව පහතින්,

https://rsf.org/en/news/rsfs-2021-press-freedom-predators-gallery-old-tyrants-two-women-and-european?fbclid=IwAR13S-8MpQMrE0FKiOddY_q3x4XftDZaDWUWYytLyOC9cYJEYI3_zTHrBVk


RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...