28 C
Colombo
Saturday, April 19, 2025

සා. පෙළ විභාග මධ්‍යස්ථානයේ සිසුන්ගේ වලියකට මැදි වූ මවක් අත්අඩංගුවට

- Advertisement -

අනුරාධපුර සහිරා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයක ඊයේ (14) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, එම විද්‍යාලයේ සිසුවෙකුගේ මවක් අදාළ විභාග මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීම උත්සහ කිරීම හේතුවෙන්.

අනුරාධපුර – ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක්, අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අනුයුක්ත කර ඇති අතර, එම විද්‍යාලයේ සහ සහිරා විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

අනතුරුව එක් සිසුවෙකුගේ මවක් මෙලෙස එම විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයකට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිසුන් පිරිසකට පහරදීමට උත්සහ කර තිබෙන බවට වාර්තා වනවා.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භක දිනයේ සිට මේ දක්වා එම සිසුන් දෙපිරිස අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබෙන බවත් පෙරේදා උදෑසන එම බහින්බස්වීම් ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙනවා

එම ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැඩි ලෙස අවවාද කර පොලිස් ඇප මත මුදාහැරිමට පොලිසිය විසින් කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...