තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්ර සේනානායක ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට අද (15) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පසුගිය 06 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත භාරවීමෙන් අනතුරුවයි සචිත්ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබුණා.
අධිකරණ අරාංචි මාර්ග පැවසුවේ අද ඔහුගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටි නමුත්, මහේස්ත්‍රාත්වරයා විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි.