දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය (සයිටම් ආයතනය )පවත්වාගෙන ගිය මාළඹේ පිහිටි ගොඩනැගිල්ල අන්තර්ජාල දැන්වීමක් මගින් ජනවාරි 13 දා සිට විකිණීමට දමා ඇත.
එම ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම රුපියල් බිලියන 3.5ක් බවත් දැන්වීමේ සදහන් කර ඇත.
එම ගොඩනැගිල්ල අවට භූමි ප්‍රමාණය අක්කර 3ක් සහ රූට් 1ක් බවත්, මාලබේ නගරයේ පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල විශ්ව විද්‍යාලයක් හෝ ජාත්‍යන්තර පාසලක් පවත්වගෙන යෑමට සුදුසු බවත් දැන්වීමේ සදහන් කර ඇත.
තවද මහල් 5 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ විදුලි සෝපාන පහසුකම් ඇති බවත් ඉහළ මාලයේ පිහිටා ඇති ශ්‍රවණාගාරයට පුද්ගලයන් 600 පමණ සිටිමට පහසුකම් ඇති බවත් දැන්වීමේ සදහන් වී ඇත.