27.4 C
Colombo
Wednesday, June 7, 2023

Breaking: කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස සජබෙන් මුජිබර්

- Advertisement -

කොලඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරය සඳහා තරඟ වැදීමට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා නම් කර තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ ඒ සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිවූ බවයි.

මේ වන විට කොළඹ නගරාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ රෝසි සේනානායක මහත්මිය දරනු ලබනවා.

කෙසේවෙතත් පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය කොළඹින් දරුණු පරාජයකට ලක්වූ අතර මැතිවරණයට ඉදිරිපත්වූ කිසිදු අපේක්ෂකයෙකු ජයග්‍රහණය නොකිරීමද විශේෂත්වයක්.

මීට පෙර කොළඹින් ඡන්ද ලක්ෂ ගණනක් ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතාද එම මැතිවරණයෙන් පරාජයට පත්වුණා.

මෙවන් තත්ත්වයක් තුළ තවදුරටත් කොළඹ නගරසභා බල ප්‍රදේශය තුළ එක්සත් ජාතික පක්ෂයට බලයක් හිමි නොවන තත්ත්වයක් තුළ සමගි ජනබලවේගය පක්ෂය තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලංකාවේ ප්‍රභලම මහ නගර සභාව වන කොළඹ නගර සභාවට ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

BREAKING – මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ...

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...