32 C
Colombo
Tuesday, February 27, 2024

තිස්ස අත්තනායකගේ දුව නිසා සජිත් පිළ කැළඹෙයි

- Advertisement -

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මෙනෙවිය ආණ්ඩුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවන ලේකම් ධූරයක් ලබාදීම පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් විරෝධය පලකර තිබෙනවා.
මේ සමගම සමගි ජනබලවේගයේ සිටිමින් වත්මන් ආණ්ඩුව සමඟ යළිත් ඩීල් දේශපාලනයේ යෙදෙන මන්ත්‍රීවරුන් පිරිසක් පිළිබදව කතාබහක්ද ඉස්මතුව තිබෙනවා.
තිස්ස අත්තනායක මහතාගේ දියණියගේ පත්වීමට විරෝධය දක්වන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධියෙන් ආණ්ඩුව හා අත්තනායක මහතා අතර තිබෙන රහසිගත සබඳතා පෙන්නුම් කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සමගි ජනබලවේගය නිර්මාණය කිරීමට මුලිකයෙකු ලෙස තිස්ස අත්තනායක මහතා කටයුතු කලද ඊට පෙර ඔහුගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කෙරුණා.
2015 ජනාධිපතිවරණය පැවැත්වීමට මාස කිහිපයක් තිබියදී තිස්ස අත්තනායක මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා ඒකවූ අතර ඉන් පසුව ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධූරයද හිමිවූවා.
ඔහු ආණ්ඩුවට එක්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් ඇතැයි පවසමින් කූඨ ලේඛණයක් ඉදිරිපත් කිරීම නිසා පසුව සිරගතවීමට ද සිදුවූවා.

නැවත සමගි ජනබලවේගයට ඔහු එක්වූ පසුව පෙර වැරදි අමතක කොට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පවා පත්කොට ජාතික සංවිධායක තනතුරද ලබාදීමෙන් පසුවද එවැන්නක් සිදුවීම සම්බන්ධයෙන් එම පක්ෂයේ බහුතරයක් තුළ කළකිරීමක් ඇතිව තිබෙනවා..

සිරගතව සිටියදී තමන් ලැබූ අත්දැකීම් අලලා තිස්ස අත්තනායක මහතා ග්‍රන්ථයක් ලියූ අතර එය පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාටද පිළිගැන්වීමට කටයුතු කිරීම පිළිබදවද විවේචන එල්ලවී තිබුණා.

RECENT ARTICLES - SINHALA

දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්! දෙදෙනෙක් මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරෙන් අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු  මියගොස් ඇති බව වාර්තා වෙනවා. කොළඹ...

ඩොලරයේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත්...

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...