32 C
Colombo
Monday, January 20, 2025

විස්සට පක්ෂ වූවන් නෙරපන්නැයි සමගි ජනබලවේගය නැවත කියයි

- Advertisement -

විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ට විනය පියවර ගැනීම් කඩිනම් කළ යුතු බවට හවුල්කාර පක්ෂ නායකයන් නැවත දැනුවත් කළේ යැයි සමගි ජනබලවේගයේ නිලධාරියෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.

විසි වැනි සංශෝධනට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුවේ රැස්වීම්වලට සහභාගී වන බවට පළ වූ මාධ්‍ය වාර්තාවලින් පසුව මෙම දැනුම් දීම කළේ යැයි එම නිලධාරියා කීය.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, සහ එම් එස් තවුෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ ද්‍රවිඩ මහජන පෙරමුණේ අරවින්ද් කුමාර් සහ සමගි ජන බලවේගයෙන්ම ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මහජන නියෝජිතයෝ වෙති.

මේ අතරෙන් ද්‍රවිඩ මහජන පෙරමුණේ මන්ත්‍රී අරවින්ද් කුමාර්ට එරෙහිව එම පක්ෂයත් ඩයනා ගමගේට එරෙහිව සමගි ජනබලවේගයත් විනය පියවර ගැනීම් ආරම්භ කළ ද සෙසු මන්ත්‍රීවරුන් පිරිසට විනය පියවර ගැනීම ආරම්භ කිරීමවත් එම පක්ෂ විසින් මෙතෙක් සිදුකරනු ලැබ නැත.

විසි වැනි සංශෝධනයට තමන් පක්ෂ වූයේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර දෙන පොරොන්දුව පිට යැයි එම මන්ත්‍රීවරුන් පැවැසුව ද ආණ්ඩුවේ නායකයන් කීප දෙනෙකු විසින්ම එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES