28 C
Colombo
Saturday, July 27, 2024

සාරුවා සුනිල් ඇප ඉල්ලලා- තීන්දුව මෙන්න

- Advertisement -

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 15 ක සිර දඬුවම් නියම වී සිටින තමා එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන හෙයින් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

මෙම ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ සලකා බැලීම සිදුවිය.

එහිදී දඬුවම් නියම වී සිටින විත්තිකාර සුනිල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී ඇති සිර දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව දැනුම් දුන්නේය.

ඒ අනුව අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තම සේවාදායකයා ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් විත්තිකරු ඇපමත මුදාහැරීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබුණි.

ඊට අමතරව රුපියල් 25,000/- ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් 250,000ක් වන්දි මුදලක් ගෙවන ලෙසත් විනිසුරු වරයා විසින් විත්තිකරුට නියම කරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...