29 C
Colombo
Saturday, July 27, 2024

පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කරනවා..! – ඇමති සුසිල්

- Advertisement -

පාසල් දරුවන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීම සඳහා පාසල වෙත පැමිණීමේ දී ඔවුන්ගේ බෑග් පරීක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ පිළිබඳ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර, මින් පෙර නොවූ ආකාරයේ ආර්ථික අර්බුදයකට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව නොමැති වීම හරහා මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන් දැඩි බලපෑමකට ලක් වී සිටින බව ලෝක ආහාර වැඩපිළිවෙළේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් එයිලිෆ් පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවුල් පහකින් හතරක්ම එක්කෝ ආහාර ප්‍රමාණය සීමා කිරීම් හෝ ආහාර වේල මඟ හැරීම සිදු කරන බව හෙළි වී ඇතැයි පවසන කලාපීය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ තත්ත්වය නාගරික ප්‍රදේශවල තවත් බරපතල බවයි.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...