2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
පසුගිය 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා හෙට (13) සිට ලබන (29) දක්වා මාර්ගගත ක්‍රමයට (Online) යොමු කිරීමට හැකියාව පවතිනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන https://moe.gov.lk/ වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතිනවා.