28 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් ආශ්‍රය කළ අය සොයයි

- Advertisement -

කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමීපතමයන් සෙවීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධතියද පරික්ෂාකිරීමද සිදුවන බවයි බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ.

කෙසේ වෙතත්, ආසාදිත මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් පාර්ලිමේන්තුවට වැඩි අවදානමක් නොමැති බවට මේ වන විට අනාවරණ වී ඇති නමුත් තවදුරටත් එම කැමරා පද්ධති පරික්ෂා කිරීම් සිදු කරන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටින්නේ.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක සහ දිලිප් වෙදාරච්චි යන මහත්වරුන් හට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති අතර එම පිරිසෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි කොරෝනා ආසාදනය වීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක ඉකුත් අගහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාද ඉකුත් සතියේ දින දෙකක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...