29 C
Colombo
Saturday, July 27, 2024

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයට

- Advertisement -

ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර දී තිබෙනවා.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයක් සඳහා නාම යෝජනා භාර දුන් බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වීම සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම, ක්‍රිකට් ක්‍රීඩා සමාජයක විධායක කමිටු සාමාජිකයෙකු වීම යන සුදුසුකම් සලකා බැලෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

කෙසේ වෙතත් බත්තරමුල්ලේ සීලරතන හිමියන් උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් නිලවරණයට නාමයෝජනා තිබෙනවා.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවති ජනාධිපතිවරණයටද ට්‍රැක්ටරය ලකුණ යටතේ ජනසෙත පෙරමුණින් තරඟ වැද සමස්ත දිවයිනෙන්ම ඡන්ද 11,879 ක් ලබාගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...