27 C
Colombo
Saturday, March 22, 2025

ජනතාවට අයත් රාජ්‍ය දේපල විකුණලා හරි උපරිම ප්‍රතිලාභ ගන්න ඕන – ඉරාන්

- Advertisement -

ලංකාවේ තිබෙන වත්කම්වලින් උපරිම ප්‍රතිලාභ ලැබීමට රාජ්‍ය ව්‍යවසායයන් මෙන්ම අනෙකුත් වත්කම් යොදා ගත යුතු යැයි සජබ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පවසන්නේ ජනතාවට අයත් රාජ්‍ය දේපල විකුණා හෝ උපරිම ප්‍රතිලාභ ලැබීමට කටයුතු කළ යුතු බවයි.

“මේවා රජයට අයත් ඒවාය රජයේ අයිතිය විකිණීමට ඉඩ දිය නොහැකියයි පුහු මත තවමත් ඉදිරිපත් කරමින් තිබෙනවා, එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. රාජ්‍ය දේපල කියන්නේ ජනතාව සතු වත්කම්ය, ඒවාට ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කුමක් ද, ප්‍රතිලාභ ලැබෙන්නේ නැතිනම් ඒවාට රජයක් වග කිව යුතුයි. මැද පෙරදිග රටවල් 1970 ගණන්වලදී විකුණූ නිසයි එම රටවල් අද දියුණු වෙලා තිබෙන්නේ. අපේ පොස්පේට් නිධිය විකුණන්නැයි වසර 20 කට පෙර බැංකු කරුවෙකු ලෙස මම කිව්වා. එවන් සම්පත් කලට වෙලාවට විකුණුවේ නැතිනම් එහි ප්‍රතිලාභ අහිමි වන කලක් ඒවි. අද වන විට විදුලිය උත්පාදනයට තෙල් පාවිච්චිය වෙනුවට පුනර්ජනනීය ක්‍රම හරහා ජලය, සුළං බලය සහ සූර්ය ආලෝක භාවිතය වැඩිවෙලා තිබෙන්නේ. ඕනෑම වත්කමකට වැඩිම ප්‍රයෝජනය තිබෙන්නේ එක කලකට පමණ යි”

ඊයේ (02) පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...