28 C
Colombo
Tuesday, December 10, 2024

සෙන්දිල් තොණ්ඩමාන් ගමන්ගත් මෝටර් රථයේ යතුරු පැදියක් ගැටී දෙදෙනෙක් රෝහලේ

- Advertisement -

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ගමන් කරමින් තිබුණු නිල රථය යතුරු පැදියක ගැටී ඊයේ (19) සවස අනතුරකට ලක්ව තිබෙනවා.

අක්කරපත්තුව – අම්පාර මාර්ගයේ කොතතාවලි හංදියේදී මෙම අනතුර සිදුව තිබෙන බවට වාර්තා වනවා.

ආණ්ඩුකාවරයා ගමන් කරමින් තිබුණු රථය යතුරුපැදියේ ගැටීමෙන් යතුරුපැදිකරු හා එහි ගමන්කරමින් සිටි පසුපැදිකරු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා.

ආණ්ඩුකාරවරයාගේ නිල රථයේ රියදුරු මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත නිදහස්කර තිබෙන බවට වාර්තා වනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා අඩ්ඩාලච්චේන රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයකටද ඊයේ සහභාගිවී තිබෙන අතර එම ගොඩනැගිල්ල අංග සම්පූර්ණ නොකර විවෘත කිරීමට එරෙහිව විවෘත කිරීම සම්බන්ධයෙන් රෝහල ඉදිරිපිට ඊයේ ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයක්ද පවත්වාතිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා. “කතෝලික...

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්...

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ඉල්ලිමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. '2024...

POPULAR ARTICLES

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට...