24 C
Colombo
Tuesday, March 5, 2024

ෂෙඩ් පිරෙන්න තෙල් යවනවා; තෙල් වැඩිවෙලා රිටර්න් වෙනවා..! – ඇමති ලොකුගේ

- Advertisement -

කොළඹ සහ අවට නගර වලට ඊයේ දිනය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ, අද (24) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්.

සුපුරුදු පරිදි අද දිනයේදීත් පෙරවරු 06.00 සිටම එම බෙදාහැරීම් සිදුකරන අතර කොළඹ නගරයට උදෑසන සහ පස්වරුවේ කාලයේදී සෑම පිරවුම්හලක් වෙතම ඩීසල් බවුසරයක් සහ පෙට්‍රල් බවුසරයක් බෙදාහැරීමට තීරණයක් ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ අතර, කොළඹ නගරයේ ඇති සෑම භූමිතෙල් පිරවුම්හලක් වෙතම එම බවුසරයක්ද බෙදාහරින බවයි ලොකුගේ අමාත්‍යවරයා පවසන්නේ.

දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව තව සතියක් දෙකක් යන විට තෙල් හිඟය පහව යනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...