25.9 C
Colombo
Saturday, December 14, 2024

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මෙලොවින් සමුගනියි

- Advertisement -

කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබේ.

ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය” යන නමින්ද අමතනු ලැබිණි.

ඉකුත් දෙසැම්බර් 3 වැනි දින ආරියදාස මහතා 99 වැනි වියට පා තබන ලදි.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත. හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබේ.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙඹවීය.

ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇත

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අවස්ථාවක් නොදීම ගැන ඇත්තටම කණගාටුයි

සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබා නොදීම ගැන තමන් කණගාටු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසුවා. ඒ,...

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳනවා – ලාල්කාන්ත

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. අද (13) කොළඹ පැවැති වැඩසටහනකින්...

T10 සුපර් ලීගයේ තරග පාවාදීම ගැන තවත් තොරතුරු එළියට

මහනුවර,  පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන...

POPULAR ARTICLES