29 C
Colombo
Wednesday, June 7, 2023

ඒ අවු. 27ක තරුණයාත් මියගියා..! – වෛද්‍යවරයකුගේ සංවේදී සටහන

- Advertisement -

“මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ ! ” යන සටහන තැබීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ප්‍රශ්න කිරීමට ලක්වූ මෙන්ම පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ විවේචනයට ලක්වූ අවිස්සාවේල්ල රෝහලේ සේවය කරන වෛද්‍ය නජිත් ඉන්දික මහතා තවත් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

මම එදා සඳහන් කළ අවුරුදු 27 ක තරුණයා ඊයෙ හවස ජීවිතයෙන් සමුගත්තා කියන කම්පනීය පණිවිඩය ලැබුණා.

දැඩි සත්කාර ඒකකයේ දවස් ගාණක් හිටියට පස්සෙ ඊයෙ ඔහු ජීවිත සටන අත හැරියා කියල මට ඊයෙ රෑ කතා කරල කිව්වෙ ඔහුගෙ නෑදෑයෙක් වන මාධ්‍ය සගයෙක්.

ඔහු අපේ රෝහලේ සිටිද්දි ඔහුව බලපු වෛද්‍යවරියන් එක්ක නිතරම ප්‍රකාශ කළ දෙයක් තමයි, “මම තරම් කවුරුවත් පරිස්සම් වෙන්නෙ නැතුව ඇති ඩොක්ටර්” කියන එක.

ඒත් කොහොමහරි අවශ්‍ය ප්‍රමාණයට පරිස්සම් වෙන්න ඔහුට බැරි වෙලා තිබුණා. නිවුන් දරුවන්ට පියෙක් නැතිවුනා. තරුණ බිරිඳකට සැමියෙක් නැතිවුනා.

දැන් මේ වෙද්දි හරි පැහැදිලියි, කවුරුත් ඔබව පරිස්සම් කරන්නෙ නෑ. ඒක කරන්න වෙන්න ඔබටමයි.

ආයෙත් කියන්නෙ, ජීවිත ඔබේ.
ඔබව වටින්නෙ ඔබේ සමීපතමයන්ට.
ඒ නිසා ඔබේ ජීවිත දෙවියන්ට බාරදෙන්න බැහැ. එහෙම කරන්නත් එපා. ඔබේ ජීවිතේ වගකීම ඔබ බාරගන්න. උපරිමයෙන් පරිස්සම් වෙන්න!
තමන්ගෙ සමීපතමයන් ප්‍රවේශම් කරගන්න!
නොකළොත් මැරෙයි වගේ හිතෙන්නෙ නැති කිසිම දෙයක් කරන්න එළියට බහින්නෙපා!

කොවිඩ් දහනමය සියළු සීමා ඉක්මවමින් තියෙන්නෙ!

-වෛද්‍ය නජිත් ඉන්දික

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...