28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

ආණ්ඩුවෙන් දීපු හාල් කාලා කුකුල්ලු හතක් මැරිලා

- Advertisement -

අඩු ආදායම්ලාභින්ට රජයෙන් දුන් සහල්, කුකුළන් ආහාරයට ගැනීමෙන් කුකුළන් 7දෙනෙක් මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රම්බඩගල්ල මහේස්ත්‍රාත් යු. එස් කේ.කේ වැරුණියගොඩ සහල් සම්බන්ධව රස පරික්ෂණ වාර්තාවක් කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් පානගමුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභියකු නිවෙසට රැගෙන ගොස් තිබුණු බවත්, එම සහල්වලින් ටිකක් කුකුළන්ට ආහාරයට දමා ඇති බවත්, ඒවා ආහාරයට ගත් කුකුළන් හත්දෙනකු සිහිසුන්ව සිට පසුව මියගිය බව නිවෙස් හිමියා පැමිණිලි කළ බව එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

එම සහල් ආහාරයට ගැනීමෙන් පසු කුකුළන් හත්දෙනකු මියයෑම ගැන සෞඛ්‍ය බලධාරීර්න් කළ පරීක්ෂණවලදී මියයෑමට හේතු කිසිවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත්, ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කර රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියෝග ලබාගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,...

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...