කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක් පවසා ඇති බව වාර්තා වනවා.
මෙම ගුවන් යානා අතරින් 06 ක්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම විශේෂත්වයක්.
ඒ අනුව, අද අලුයම 01.10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 173 දරන ගුවන් යානය, අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 402 දරන ගුවන් යානය එදිනම දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 127 දරන ගුවන් යානයද එසේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීම අවලංගු වී තිබෙනවා.
මීට අමතරව අද පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 143 දරන ගුවන් යානයද, රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 263 දරන ගුවන් යානයද, එදිනම රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 207 දරන ගුවන් යානයද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව ඇය පවසනවා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අද අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ SG 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බවයි.