31 C
Colombo
Saturday, July 27, 2024

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

- Advertisement -

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අධික සුළං සමග ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණ පෙරදැරිව මෙලෙස මාර්ග කිහිපයක් වසා තබන බවයි.

ඒ අනුව, බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම පාර ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක පාර දක්වාත්, පෙරහැර මාවත ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත් බේබෲක් ප්‍රදේශයත් මෙලෙස වසා තැබීමට නියමිතයි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, වෙසක් කලාප වෙත පැමිණෙන ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල රථවාහන නවතා තබා පා ගමනින් එම කලාප වෙත ගමන්කිරීමට හැකි බවයි.

මේ අතර පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාරක්ෂිත අවදානම් ගස් යට රැඳී සිටීමෙන් සහ වාහන නවතා ඒ තුළ රැඳී සිටීමෙන් වළකින ලෙසටය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...