කොළඹ සහ ගාල්ල දිස්ත්රික්වල ග්රාම නිලධාරී වසම් 8ක් හෙට (08) උදෑසන 5 සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව
• පිළියන්දල පොලිස් බල ප්රදේශයේ නිවන්තිඩිය සහ මාම්පේ ග්රාම නිලධාරී වසම්
• මහරගම පොලිස් වසමේ ඇරැව්වල බටහිර ග්රාම නිලධාරී වසම
• ගාල්ල දිස්ත්රික්කයේ හබරාදුව පොලිස් වසමට අයත් කොග්ගල 1, කොග්ගල 2, මීගහගොඩ, මාලියබඩ සහ පියදිගම බටහිර
යන ග්රාම නිලධාරී කොට්ඨාශ හෙට උදෑසන 5 සිට හුදෙකලා කෙරෙනවා.