26.1 C
Colombo
Monday, June 16, 2025

බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියදුරුට දැඩි දඬුවම් 

- Advertisement -

මෙයට වසර 10කට පමණ පෙර බාලවයස්කාර දැරියක්ව දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ කුලී රථ රියදුරෙක්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිතව වසර 10ක සිරදඬුවම් නියම කළා.

සිය නිවස අසල කුලී නිවසක විසූ එවකට අපොස සා පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි එම දැරියව දූෂණය කර ඇති බවට දැනට 35 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල වුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අදාළ නියෝගය නිකුත් කළා.

ඊට අමතරව, චුදිතයාට එරෙහිව රුපියල් 10,000ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අගතියට පත් තරුණියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබුණා.

එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකරගන්නා ලෙසත් එයද නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත තවත් වසර දෙකක සිර දඬුවම් ලබාදීමටත් නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

වත්කම් තහනම් කල සෙට් එක මෙන්න

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා. පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු...

POPULAR ARTICLES

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

බොරතෙල්වලට බලපාන යුද ගැටුම්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර්...