32 C
Colombo
Friday, June 2, 2023

ෂාෆ්ටර්ගේ මළ සිරුර කරාපිටිය රෝහලට

- Advertisement -

දිනේශ් ෂාෆ්ටර්ගේ මළ සිරුර පංච පුද්ගල විශෙෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ ගොඩ ගනු ලැබුවා.

ඒ අනුව ගොඩගත් දේහය නැවත පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්විම සඳහා අද සවස කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය මෘත ශරිරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය යූ.සී.පී.පෙරේරා, කරාපිටිය රෝහලේ විශෙෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර යන මහත්වරුන් ඇතුලු පංච පුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් හමුවේ කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත බව සඳහන් වෙනවා.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර බොරැල්ල කනත්තේ තිබියදී පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදා දෑත් බැඳ ප්ලාස්ටික් පටියකින් ගෙළ සිරකර සිය මෝටර් රථය තුල දමා සිටි සොයා ගත්තා.

51 හැවිරිදි වියේ පසුවූ දිනේෂ් ෂාෆ්ටර් කොළඹ 10 මල්පාර ප්‍රදේශයේ පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයා ද වනවා.

එහිදී දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙළ සිර කිරීමකින් සිදුව ඇති බවයි.

ඒ අනුව, මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුරට විෂක් ශරීර ගත වී තිබූ බවට ද කරුණු අනාවරණ වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

චාමර සම්පත්ගේ අමාත්‍යාංශ තුනක් රනිල් යටතට ගනී

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ අමාත්‍යාංශ යටතේ තිබූ ප්‍රධාන ආයතන 3ක් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...