ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පෙරේදා (21) පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ තිබෙනවා.
එහිදී ප්‍රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් ඇති වී ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
එම රෝගී තත්වය හේතුවෙන් ඔහුව අහමදාබාද්හි කේ.ඩී රෝහල වෙත ඇතුළත් කර ඇති ඇති අතර ගෞරි ඛාන්, බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා සහ ඇයගේ සැමියාද ශාරුක්ගේ සුව දුක් විමසීමට වහාම කේ.ඩී රෝහල වෙත පැමිණ තිබෙනවා.
ෂාරුක්ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් බොලිවුඩ් සුපිරි නිළි ජුහී චව්ලා ප්‍රකාශ කර සිටියේ ෂාරුක් ඛාන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහභාගී වන අවසන් තරඟය නැරඹීමට පැමිණීමට ඔහුට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇය පවසා තිබුණා.