29 C
Colombo
Saturday, July 27, 2024

චීනයේ ෂැංහයි නුවර වැසෙයි – තෙල් මිල පහළට

- Advertisement -

‍ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

වසර දෙකක කාලයකට පසු චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම වසා දැමීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111.92ක අගයක් ගත් අතර අමෙරිකාවේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.38ක අගයක් ගනු ලැබීය.

කෙසේවෙතත් විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ ඉන්ධන මිල ගණන් සැළකිය යුතු ආකාරයකින් පහළ බසිනු ඇති බවයි. එමෙන්ම මෙම මිල ගණන් අඩුවීම හේතුවෙන් බොරතෙල් වෙළඳපොළෙහි යම් පාඩුවක් සිදුවනු ඇති බව ද විදෙස් වාර්තා සදහන් කරනවා.

වෙළෙඳපොළ දෙකේම කොන්ත්‍රාත්කරුවන්ට සහ වෙළදපොළ දෙකට ඊයේ දිනයේදී පමණක් සිදුවූ පාඩුව සියයට 7 කට ආසන්න බව විදෙස් වාර්තා පෙන්වාදී ඇති අතර දැනට මාසයකට අධික කාලයක සිට පවතින මෙරට ඉන්ධන සහ ගෑස් අර්බුදය තවදුරටත් පවතින බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...