28 C
Colombo
Saturday, April 19, 2025

ශානි අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම

- Advertisement -

අධිකරණයට අපහාසකළ බව පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ (11) සිය නීතීඥවරයා මගින් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති සහ සාමාජිකයන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

තමන්ට එරෙහිව දේශපාලන පලිගැනීම් කොමිසම විසින් ආරම්භකළ විමර්ශනයක් අධිකරණය හමුවේ පවතින පෙත්සම් විභාගය අවසන් වනතුරු ඉදිරියට පවත්වාගෙන නොයන බවට එම කොමිසම විසින් අභියාචනාධිකරණය ලබාදී තිබුණා.

ප්‍රතිඥා කරන උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට ශානි අබේසේකර මහතා විසින් එම කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න, චන්ද්‍රා ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන සාමාජිකයන් තිදෙනාට එරෙහිව එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම සලකාබැලූ අභියාචනාධිකරණය එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයින් තිදෙනාට ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණා

ඒ අනුව පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොමිසමේ හිටපු කොමසාරිස්වරු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම කරුණට අදාළව විරෝධතා ගොනු කර තිබෙන බවයි.

මීට අදාළව විරෝධතා ගොනු කිරීමට හැකියාවක් නොමැති බවත් වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත්කරන ලෙසත් ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියා.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ එම විනිසුරු මඩුල්ලේ ඝනපූර්ණය නොමැති බැවින් එම පෙත්සම මේ මස 18 වනදා නැවත කැඳවීමට නියමකරන බවයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...