31 C
Colombo
Saturday, July 27, 2024

තායිවාන සමාගම්වලින් චීනයට සරදමක්

- Advertisement -

තායිවානයේ ක්‍රියාත්මක TSMC සහ ෆොක්ස්කොන් යන මහා පරිමාණ තාක්ෂණික සමාගම් විසින් ජර්මනියෙන් කොරෝනා එන්නත් මිලට ගෙන එරට රජයට පරිත්‍යාග කිරීමට සූදානම් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගම් ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගමෙන් සෘජුව කොරෝනා එන්නත් මිලියන දහයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

එම එන්නත් තායිවාන ජනතාවගේ භාවිතය සදහා එරට රජයට පරිත්‍යාග කරන බව එම සමාගම් ප්‍රකාශ කර තිබේ.

අදාළ සමාගම් සහ තායිවාන බලධාරීන් චීනයෙන් කොරෝනා එන්නත් ලබා නොගෙන බටහිර එන්නත් කෙරෙහි විශ්වාසය තබා ඒවා මිලදී ගැනීම චීනයට එල්ල කළ දේශපාලන සරදමක් බව දේශපාලන විශ්ලේෂකයෝ සදහන් කරති.

පසුගියදා චීන ජනාධිපති ෂී ජින්පිං තායිවානය චීනයේ කොටසක් බව යළි අවධාරණය කළ අතර එම පසුබිම තුළ මෙම ක්‍රියාමාර්ගය චීනයට සරදම් කිරීමක් ලෙස එම විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...