රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද(30 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා .
විජේ බාලක්‍රිශ්ණන් , රම්‍යා නාගර්කෝවිල් , ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි ගායන ශිල්පීන් පිරිස් වන බවට වාර්තා වනවා .
මෙම පිරිස (අද)30 දින දහවල් 11.40 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරිනියන් විසින් මෙම පිරිස පිළිගැනීම සිදු කර තිබුණා .
මෙම සංගීත ප්‍රසංගය කොළඹ මාළිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි .
තවද හෙට(01 ) තවත් ඉන්දීය සංගීත ශිල්පීන් වන ධර්මර් සත්‍ය ප්‍රකාශ් සහ නුරානි වර්ෂා ද මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වනවා .