25 C
Colombo
Wednesday, September 27, 2023

සිරාජ්ගේ ත්‍යාග මුදල ලංකා ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලයට

- Advertisement -

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ කොළඹ සහ මහනුවරදී පැවති තරඟවලට වර්ෂාවෙන් සිදු වූ බාධාවන් වැළැක්වීම සඳහා සහාය දැක්වූ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලය සහ බිම් සේවකයන් සඳහා ත්‍යාගය මුදල් ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා ට්විටර් පණිවුඩයක් තබමින් පවසා ඇත්තේ ක්‍රීඩාංගණ බිම් සේවකයන් සඳහා ත්‍යාගයක් ලෙස අමෙරිකානු ඩොලර් 50,000 මුදලක් ලබා දීමට තීරණය කළ බවයි.

ඔවුන්ගේ නොසැලෙන කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩකිරීම, මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අමතක නොවන මතකයක් බවට පත් වන බවද ඒ මහතා සිය ට්විටර් සටහනෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතර ඊයේ (17) පැවති ආසියානු කුසලාන අවසන් මහා තරඟයේ වීරයා වූ ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ්ද තමන්ට ලැබුනු අමෙරිකානු ඩොලර් 5,000 ක ත්‍යාග මුදල ක්‍රීඩාංගණ බිම් සේවකයින්ට ප්‍රදානය කර තිබෙනවා.

ක්‍රීඩාංගණ බිම් සේවකයින් වෙත සිදු කරන අගය කිරීමක් ලෙස සිරාජ් විසින් අදාළ චෙක්පත ඔවුන්ට පිරිනමා ඇති බවටයි වාර්තා වන්නේ.

“ඔවුන්ගේ සහයෝගය නොමැති නම් මෙම තරඟාවලිය පැවැත්විය නොහැකිව තිබුණා”, යනුවෙන් ඉන්දීය ක්‍රීඩක සිරාජ් තවදුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රති-COVID ඖෂධයකින් නව විකෘති Covid වෛරසයක්

ලොව පුරා බහුලව භාවිතා වන ප්‍රති-COVID ඖෂධයක් හේතුවෙන් Covid වෛරසය විකෘති වීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. Covid සඳහා ප්‍රතිකාර කිරීමට නිපදවන ලද මුල්ම...

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...