31 C
Colombo
Saturday, July 27, 2024

ගෑස් නැහැ කියා සිරිමාවෝ නේවාසිකාගාරය වසා දමලා

- Advertisement -

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ බාලිකා නේවාසිකාගාරය මේ වන විටත් වසා දමා ඇති බව දෙමාපියන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් තම දරුවන් අධ්‍යාපනය ලැබීමට නොහැකිව දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි දෙමාපියන් පෙන්වා දෙන්නේ.

පසුගිය 19 වනදා පැවති දෙමාපිය රැස්වීමේදී නේවාසිකාගාර බලධාරීන් දෙමාපියන්ට දැනුම්දී ඇත්තේ නේවාසිකාගාරය පවත්වාගෙන යෑමට ගෑස් නොමැති බවත් දෙමාපියන් විසින් නේවාසිකාගාරයට අවශ්‍ය කරන ගෑස් ලබාදෙන්නේ නම් එය යළිත් විවෘත කරන බවයි.

එමෙන්ම නේවාසිකාගාර ගාස්තුද විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වී දුරබැහැර සිට සිරිමාවෝ විද්‍යාලයට තේරී පත්වූ සිසුවියන් 48 දෙනෙකු පමණ මේ වන විට අදාළ නේවාසිකාගාරයේ රැදී සිටිනවා.

මේ වන විට පාසල් නැවත ආරම්භවී ඇතත් නේවාසිකාගාරය වසා තැබීම හේතුවෙන් කටුවන, පිටබැද්දර, කොටපොල, අකුරැස්ස, අම්පාර, අනුරාධපුරය, බිබිල, මතුගම වැනි දුර පළාත්වල පදිංචි මෙම දරුවන් පිරිස අධ්‍යාපනය ලැබීමට නොහැකිව තවමත් නිවෙස්වල රැදී සිටිනවා.

දෙමාපියන් පවසන්නේ දිනපතා පෞද්ගලික වාහනයක හෝ පොදු ප්‍රවාහන සේවයේ පාසල් ඒමට හැකි දුරකින් තම දරුවන් පදිංචිව නොසිටින බවයි.

ඉන්ධන නොමැතිකමින් පෞද්ගලික වාහනයක් යොදාගෙන හෝ දරුවන් පාසල් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් මේ තත්ත්වය උඩ තම දරුවන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත් දෙමාපියන් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...