25 C
Colombo
Wednesday, September 27, 2023

සීදූව ඝාතනයට හයදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

සීදූව – දඬුගම් ඔයේ ඉවුරේ පාවෙමින් තිබූ ගමන් බෑගයකින් සිරුර සොයාගත් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ අදාළ සැකකරුවන් විසින් ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා පිටකොටුව ප්‍රදේශයෙන් මෝටර් රථයකට නංවාගෙන සීදුව ප්‍රදේශයට රැගෙන ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

එම ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු මෙන්ම සේවකයන් තුන්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට  ගෙන තිබෙනවා.

කටාන පොලීසිය පැවැසුවේ අරාක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් විසින් මෙම පුද්ගලයාට අවන්හල තුළදී පහරදී ඝාතනය කර ගමන් බෑගයක දමා වාහනයකින් රැගෙනවිත් දඩුඟම් ඔයට දමා ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...