28 C
Colombo
Thursday, May 30, 2024
spot_img

කල්පිටියේ දූපත් බදුගත් සමාගම් පහකින් කෝටි හයක බදු පොල්ලක්

- Advertisement -

කල්පිටිය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආයෝජන කටයුතු සඳහා දූපත් හයක් බද්දට ගත් පුද්ගලික සමාගම් පහකින් නියමිත දිනට ලැබිය යුතු රුපියල් 5,90,25,931 ක බදු මුදලක් අයකර ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත් වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම සමාගම් විසින් නිසි පරිදි මාසිකව බදු වාරික නොගෙවීම නිසා අවසන් විගණිත දිනයවූ 2022.11.30 දක්වා එම හිග බදු මුදල අයවී නොතිබූ බව සංචාරක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවක් මගින් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

2010 වර්ෂයේ එවකට ජනාධිපතිවරයා විසින් ලංකා සංචාරක මන්ඩලය වෙත නිදහස් කර තිබූ සින්න ඉරමතිව්,බටහිර ඉරමතිව්,සින්න ආරච්චල් සහ ඉරමතිවු යන දූපත් හතර සහ ඊට පෙර නිදහස් කර තිබූ ඉප්පන්තිව් සහ වෙල්ලයි යන දූපත් ගිවිසුම් මත බදුගෙන තිබූ පුද්ගලික සමාගම් පහකින් සංචාරක සංවර්ධන අධිකාරිය මෙලෙස බදු මුදල් අයකරගෙන නැහැ.

මෙම දූපත් අතරින් වැඩිම බදු මුදල වූ රුපියල් 5,07,96,768 ක මුදලක් ඉප්පන්තිව් දූපත බද්දට ගත් සමාගමෙන් අය විය යුතුව තිබූ බවද විගණනයෙන් පෙන්වා දී තිබෙනවා.

නියමිත පරිදි බදු මුදල් නොගෙවන විට බදු ගිවිසුම අවලංගු කළ හැකි වුවත් සංචාරක සංවර්ධන අධිකාරිය එසේ කර නොමැති බවද විගණන වාර්තාවේ සඳහන්.

එමෙන්ම 2010 වසරේ පවරා දී තිබූ සින්න ඉරමතිව්,බටහිර ඉරමතිව්,සින්න ආරච්චල් සහ ඉරමතුව් යන දූපත් හතර ආයෝජන කටයුතු සඳහා යෙදවීමට සංචාරක සංවර්ධන අධිකාරියට වසර 10 කට අධික කාලයක් වැයවී ඇතැයිද විගණනයෙන් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...