28 C
Colombo
Friday, May 31, 2024
spot_img

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

- Advertisement -

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසනවා.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය වි තිබෙනවා.

එසේම, ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ද කාරක සභාව මගින් අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බවද සඳහන්.

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද එහිදී සඳහන් වනවා.

පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසද කමිටුව විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...