25 C
Colombo
Sunday, May 19, 2024

සජබය ෆවුසි ගැන තීරණයක් ගනී

- Advertisement -

පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඊයේ (8) පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඊට අමතරව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ. එච්. එම්. ෆවුසි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිමට පසුගියදා අප්‍රේල් 28 වනදා තීරණය කළා.

සමඟි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් මුජුබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩු මන්ත්‍රි ධුරය සඳහා ෆවුසි මහතාට යළිත් පාර්ලිමේන්තුව වෙත පිවිසීමට අවස්ථාව හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...