නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 164කට සීමා වුණා.
ඒ නවසීලන්තය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී රැස්කල ලකුණු 580ට පිළිතුරු ලෙසයි.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් ලබා ගනිමින් හුදෙකලා සටනක නිරත වුණා.
ලකුණු 37ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් කරුණාරත්න සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 80ක සබඳතාවක් ගොඩ නැඟුවා.
තම පළමු ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක ලකුණු 19ක් ලබා ගත්තා.
සෙසු පිතිකරුවන් අතරින් ඕෂධ ප්‍රනාන්දු හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට 5කට වඩා රැස් කර ගැනීමට හැකි වූයේ නැහැ.
මැට් හෙන්රි සහ මිචෙල් බ්‍රේස්වෙල් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ලකුණු 416ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 29ක් රැස් කර ගෙන සිටිනවා.
අද තරගයේ තෙවැනි දිනයයි.