සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත නායක ටිම් සවුතී පන්දු යැවීම තෝරා ගත්තා.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන අවසන් තරගාවලිය මෙයයි.
2 – 0 ක් ලෙස මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් සහ අද ආරම්භ වන ඉන්දියා – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගය ඉන්දියාව ජයග්‍රහණය නොකළහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනවා.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඕෂධ ප්‍රනාන්දු සමගින් දිමුත් කරුණාරත්න.
ටිම් සවුතීගේ පන්දුවක් හමුවේ ඕෂධ ලකුණු 13කට දැවී ගියා.
ඉන් අනතුරව කඩුල්ලේ එක් වුණු කුසල් මෙන්ඩිස්, දිමුත් සමග එක්ව වේගවත් සබඳතාවක් ගොඩනගමින් සිටිනවා.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කුසල් මෙන්ඩිස් හතරේ පහර 15ක් සමගින් නොදැවී ලකුණු 73ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.
ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 120ක් ලෙස දැක්වුණා.