31 C
Colombo
Saturday, July 27, 2024

දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිමුත්ට – නිශාන් මධුෂ්කට ටෙස්ට් වරම්

- Advertisement -

වෙලින්ටන් හි පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ ආරම්භය  වර්ෂාව හේතුවෙන් පමා  වුණා.

ඒ අනුව තරගය ආරම්භ වුණේ පස්වරු 2.10ටයි.

කාසියේ වාසිය හිමි කරගත් දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

පළමු තරගයේදී පන්දුවට පහරදීමේ දී මෙන්ම කඩුලු රැකීමේදීත් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නිරෝෂන් දික්වැල්ල වෙනුවට නවක ක්‍රීඩක නිශාන් මධුෂ්කට ටෙස්ට් වරම් හිමි කරදීමට තේරීම් කමිටුව තීරණය කර තිබුණා.

නිශාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 163 වැනි ක්‍රීඩකයායි.

පළමු තරගයේදී ආබාධයකට ලක් වූ නවසීලන්තයේ නීල් වැග්නර් වෙනුවට ඩග් බ්‍රේස්වෙල් කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මේ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත එක් කඩුල්ලක් දැවී ලකුණු 100ක් රැස් කරගෙන සිටිනවා.

දැවී ගිය එකම කඩුල්ල ලබා ගත්තේ කසුන් රාජිතයි

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...